WebHack v1.0 ගැනයි මේ…

0
1344
views

පසුගිය දින කීපයේදීම විශ්ව විද්‍යාල සිසුන් අතරේ කතාබහට ලක්වුණු මාතෘකාවක් විදියට මේ WebHack v1.0 හඳුන්වන්න පුලුවන්. එත් ඇත්තටම මේ මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න තමයි මේ සූදානම!

WebHack v1.0 කියන්නේ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය (Association of Rajarata Information and Communication Technology – ARICT) සහ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපිඨයේ පරිගණක අංශය (Department of Computing) මගින් IEEE Student Branch of RUSL, Mozilla Campus Club සහ INFOCUS යන සියලු පාර්ශවයන්ගේ සහයෝගය ඇතුව පළමු වතාවට සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු අන්තර් විශ්ව විද්‍යාල web hackathon එක. මෙය ප්‍රධාන වශයෙන්ම පාදක කරගන්නේ, ලබා දෙන ගැටළු සඳහා අඩුම කාලයක් තුළ සුදුසුම තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් සාර්ථක විසඳුමක් කරා එළඹෙන්නට තරඟකරුවන් පෙළඹවීමයි.

WebHack v1.0 සඳහා තරඟ කළ හැක්කේ කාටද?

ශ්‍රී ලංකාවේ ඕනෑම විශ්ව විද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක කණ්ඩායමකට WebHack v1.0 සඳහා අයදුම් කරන්නට අවස්ථාව තියෙනවා. නමුත්  අවසන් වටය සඳහා සුදුසුකම් ලබන්නේ පළමු වටයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් පමණයි.

WebHack v1.0 තරඟ සැකැස්ම මොන වගේද?

පෙර සඳහන් කළ පරිදි WebHack v1.0 තරඟ වට දෙකකින් සමන්විතයි. පළමු වටය සඳහා නියමිත පරිදි ලියාපදිංචි වෙන සියලුම කණ්ඩායම් වලට සහභාගී වීමේ අවස්ථාව උදා වෙනවා. මෙහිදී ඔවුන්ට මූලික වශයෙන්ම මුහුණ දීමට සිදු වන්නේ CTF (Capture The Flag) challenge එකක් සඳහා. ඉතින් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම 15, මාර්තු 28 සහ 29 දෙදින ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අවසන් වටය සඳහා සුදුසුකම් ලබනවා.

දෙවන වටයේදී ලබා දෙන ගැටළුවලට කණ්ඩායම් විසින් ලබා දෙන සෑම ගැළපෙන විසඳුමක් සඳහාම ලකුණු ලබා දීමක් සිදු වෙනවා. නමුත් මෙහිදී ඔවුන් යොදාගෙන ඇති තාක්ෂණික උපක්‍රම, විසඳුම ගොඩනැගීමට වැය කළ කාලය, විසඳුමේ අන්තරගතය සහ එහි නිර්මාණාත්මක බවටත් ලකුණු වෙන් වෙනවා. මේ ආකාරයට ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ත්‍රිත්වය තමයි WebHack v1.0 හි ජයග්‍රාහකයින් බවට පත් වෙන්නේ. පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග හිමිවන අතර සියලුම තරඟකරුවන් සඳහා සහතික පත්‍ර පිරිනමන්නත් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය සූදානමින්.

ඔබ  WebHack v1.0 සඳහා අයදුම් කළ යුත්තේ ඇයි?

WebHack v1.0 ශ්‍රී ලංකාවේ පළමු අන්තර් විශ්ව විද්‍යාල web hackathon එක වීම නිසාවෙන්ම මේ event එක ඔබට අලුත්ම අත්දැකීමක් ලබා දෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දැන හඳුන ගන්න, ක්ෂේත්‍රය ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න, මේ විෂය පථය ආශ්‍රිත නවතම තාක්ෂනයන් ගැන දැණුම ලබා ගන්න වගේම අනෙකුත් විශ්ව විද්‍යාලවල සහෝදර සහෝදරියන් දැන අඳුරගන්නත් මේ event එක හොඳම අවස්තාවක් වේවි.

ඉතින් මේ සියලු දේ අත්දකින්නට WebHack v1.0 සඳහා ඔබත් අයදුම් කරන්න. එය ඔබ මෙතෙක් අත්දුටු hackathons වලට වඩා නවතම අත්දැකීමක් වනවාට නොඅනුමානයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here