Google Crowdsource Sri Lanka කණ්ඩායම රජරටට!

0
274
views

අද වෙන කොට Google Crowdsource Sri Lanka කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. පසුගිය මාස කීපය පුරාවටම Google Crowdsource Sri Lanka Community මගින් සබරගමුව, NSBM, SLIATE, සහ IIT ඇතුළු විශ්ව විද්‍යාල කීපයකම දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වනු ලැබුවා. Google Crowdsource මගින් අවසන් වරට පැවැත්වූ වැඩමුළුව ගැන තමයි අද මේ ඔබත් සමගින් තොරතුරු බෙදා හදා ගන්න සුදානම් වෙන්නේ. එය පැවැත්වුණේ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගෙනයි.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ, රජරට තොරතුරු සහ සන්නිවේදන සංගමය ( Association of Rajarata Information and Communication Technology), Google Crowdsource Sri Lanka සමගින් අත්වැල් බැඳගනිමින් මේ වැඩමුළුව පවත් වන්නට යෙදුණේ පසුගිය මාසයේ, ඒ කියන්නේ ජුනි මාසයේ 26 වෙනිදා. ව්‍යවහාරික විද්‍යා පිඨයේ පළමු සහ දෙවැනි වසර කණ්ඩායම සඳහා විශේෂයෙන්ම මේ වැඩමුළුව සංවිධානය කෙරුණත් නිරතුරුවම තාක්ෂණයත් සමගින් ගණුදෙනු කරන, Google Crowdsource ගැන උනන්දුවක් දක්වන තවත් බොහෝ දෙනා මේ සඳහා සහභාගී වී සිටියා. ඒ මේ සම්බන්ධයෙන් තව තවත් කරුණු දැන කියා ගැනීමට ඔවුන් තුළ තිබූ දැඩි කැමැත්ත සහ උනන්දුව නිසාවෙන්මයි.

වැඩමුළුවේ පළමු කොටස මුලිකවම පාදක වී තිබුණේ ඇත්තටම මේ Google Crowdsource කියන්නේ මොකක්ද, ඒ හරහා සිදුවෙන්නේ මොකද්ද කියන දේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීම හා සම්බන්ධවයි. Google Crowdsource හරහා Google products වැඩිදියුණු කිරීම සඳහා ඒවායේ machine learning algorithms වලට training data ලබා දෙන ආකාරය පිළිබඳවත් මෙහිදී Google Crowdsource Sri Lanka නියෝජිත, තිශාන් රසංගික රැස්ව සිටි පිරිස දැනුවත් කළා.

මීළඟට වැඩමුළුවේ දැනුවත්කිරීම සිදු කළේ Google Crowdsource Sri Lanka හි Digital 
Marketing Assistant ලෙස තමන්ගේ සේවාය සපයන තරිඳු රංදීප. ඔහුගේ දැනුවත් කීරීම මූලිකවම පාදක වෙලා තිබුණේ community buildup කියන තේමාව ඔස්සේ. එකම විෂය පථයකට උනන්දුවක් දක්වන සමූහයක් එකට එකතු වීම තුලින්, ළඟා විය යුතු ඉලක්කය වෙත ළඟා වීම තව තවත් පහසු කරනවා වගේම, ඒ කරා යන ගමන් මග තව තවත් සාර්ථකත්වයට ළඟා කරනවා. ඉතින් මේ Google Crowdsource Sri Lanka Community එක හරහා සිදු වෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්. කණ්ඩායමක් විදියට මේ Google Crowdsource Sri Lanka Community එක සිදු කරන කාර්ය භාරය ඉතාමත් අපුරුවට ඔහු මේ හරහා පැහැදිලි කරලා දෙන්නට සමත් වුණා.

එදින වැඩමුළුවේ අවසන් කොටස මෙහෙයවනු ලැබුවේ Google Crowdsource Sri Lanka Community හි Digital Marketing Lead ලෙස කටයුතු කරන, රජරට විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ චමෝද් සඳරු. Machine Learning කියන concept එක Google Crowdsource සමගින් බොහෝම සමීපයි. මේ හේතුව නිසාවෙන්ම ඔහු තමන්ගේ දැනුවත්කිරීම හරහා Machine Learning පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කරන්නට තීරණය කර තිබුණා.

කොහොම වුණත් රැස්ව සිටි පිරිස අතර Google Crowdsource app එක නිතරම භාවිතා කරන පිරිසකුත් සිටියා. ඒ අතරින් ඉහළම contributorsලා තුන්දෙනාට වගේම වැඩමුළුවට සක්‍රියව තමන්ගේ දායකත්වය ලබා දුන් කීප දෙනෙක් වෙනුවෙනුත් සිහිවිටන ත්‍යාග ලබා දෙන්නටත් Google Crowdsource Sri Lanka Community අමතක කළේ නැහැ.

ඉතින් මේ ලිපිය කියවන ඔබත් Google Crowdsource පිළිබඳව දැනන් හිටියේ නැත්නම්, Google Crowdsource Sri Lanka Facebook page එක හරහා ඔබට ඒ පිළිබඳව දැනුවත් වීමට සහ සම්බන්ධ වීමට පුලුවන්. ඒ වගේම Google products තව තවත් දියුණු කිරීමට Google Crowdsource app එක හරහා contribute කරන්නත් අමතක කරන්න එපා. 

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

Images courtesy : FasFocus Unity

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here