Chatbots ගැන අහලා තියනවද?

0
146
views

21 වෙනි සියවසේ ජිවත් වෙන අපිට chat applications එක්ක තියෙන්නේ ලොකු බැඳීමක්! Whatsapp, Messenger, Viber, Snapchat… මේ වගේ ගොඩාක් applications එක්ක අපි නිතරම ගණුදෙනු කරනවා. මෑතකදී, ඒ කියන්නේ දැන් අවුරුදු දෙකකට වගේ කලින්, පරිගණක සහ මනුෂ්‍යයින් අතර සිදුවන අන්තර්සම්බන්ධතා ක්‍රියාවලිය පහසු කරන්න සුවිශේෂී tool එකක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ chatbot කියන නමින්. සමහර විට ඔබ chatbot එක්ක ගණුදෙනු කරලා තිබුණත්, ඒ තමන් සේවය ලබාගත්තේ chatbot එකකින් කියලා නොදැනුවත් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ උත්සාහය chatbot කියන්නේ මොනාද කියලා හරි අවබෝධයක් නැති කෙනෙක්ට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්නයි…

මොනවද ඇත්තටම මේ chatbots කියන්නේ?

සරලවම කියනවානම්, chatbot කියන්නෙත් virtual assistant කෙනෙක්. Chatbot කියන්නේ AI තාක්ෂණය මූලික කරගත් software එකක් කියලා හඳුන්වන්නත් පුළුවන්. Chatbot එකකට හැකියාවක් තියෙනවා අපි භාවිතා කරන භාෂාවලින්, නැත්නම් natural language එකෙන් messaging applications, websites, mobile apps එහෙමත් නැත්නම් දුරකථන ඔස්සේ user කෙනක් එක්ක යම්කිසි සංවාදයක් ගොඩනගා ගන්න.

කොහොමද chatbot එකක් වැඩ කරන්නේ?

chatbot එකක ක්‍රියාකාරිත්වය ප්‍රධාන වශයෙන් tasks දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.

  1. User Request Analysis
  2. Returning the response

User Request Analysis

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ userගේ query එකට අදාළව user intent එක, එහෙමත් නැත්නම් user ඇත්තටම බලාපොරොත්තු වෙන සේවාව මොකද්ද කියල හරියටම අඳුරගැනීම. ඒ හරහා අවශ්‍ය දත්ත (relevant entities) වෙන් කර ගැනීමත් සිදු වෙනවා. අපි මේ ක්‍රියාවලිය උදාහරණයකින් තේරුම ගන්න උත්සාහ කරමු.

මේ අවස්ථාවට අනුව ක්‍රියාවලියේ ප්‍රධාන කරුණු ටික පහත ආකාරයට මේ User Request Analysis හරහා බෙදා වෙන් කෙරෙනවා.

  • user intent : 390-555-5555 යන දුරකථන අංකයට £ 10ක මුදලක් බැර කිරිම
  • Relevant Entities -> දුරකථන අංකය : 390-555-5555, බැර කළ යුතු මුදල: £ 10

Returning the response

User Request Analysis එක හරහා නිසියාකාරව අවශ්‍ය දත්ත වෙන කර ගැනීමට හැකි වුවහොත්, ඊට අදාළ ප්‍රතිචාරය දැක්වීම මීළඟ පියවරේදී සිදු කරනු ලබනවා. මෙම ප්‍රතිචාර දැක්වීම ක්‍රම කීපයකට අනුව සිදු වෙන්න පුළුවන්.

• ඕනෑම අවස්ථාවකදී ප්‍රතිචාරය ලෙස ලබා දිය හැකි predefined text එකක් ලබා දීම
• විවිධ ප්‍රතිචාර ඇතුළත් knowledge base එකකින් තෝරා ගත් ප්‍රතිචාරයක් ලබා දීම
• Enterprise system එකක ඇතුළත් දත්තයක් ආශ්‍රිත ප්‍රතිචාරයක් ලබා දීම
• තවත් backgorund application එකක් සමගින් ක්‍රියා කර ලබාගත් ප්‍රතිචාරයක් ලබා දීම
• User request එක පැහැදිලිව හඳුනා ගැනීම සඳහා ප්‍රතිචාරයක් ලෙස නැවතත් ප්‍රශ්නයක් යොමු කිරීම

Chatbots වැදගත් වෙන්නේ ඇයි?

Chatbots සැබවින්ම user කෙනෙක්ට, එහෙමත් නැත්නම් customer කෙනෙක්ට වඩාත් උසස් වූ අත්දැකීමක් ලබා දෙන්නට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම customer services වෙනුවෙන් අඩු වියදමක් දරණ අතරවාරයේ වඩාත් කාර්යක්ෂම වූ සේවාවක් customer කෙනෙක්ට ලබා දීමටත් මේ chatbots යොදාගන්න පුලුවන්. හැම customer කෙනෙක්ටම එක් සේවකයෙක් ගානේ යොදවන එක අද කාලයේ කළ හැකි දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ chatbots, බොහෝ companies වල සහ organizations වල වැඩ කටයුතු පහසු කරගන්න විශාල වශයෙන් උපකාරී වෙනවා. කෙසේ නමුත් ඉහළ සේවාවක් chatbot එකක් හරහා ලබාදීමට නම් මේ chatbots විවිධ user interactions සමගින් සහ විවිධ platforms භාවිතයෙන් test කළ යුතු වෙනවා.

අද වෙන විට banking systems, customer relations systems, enterprise systems, feedback systems, online business systems, online booking systems ඇතුළත්ව තවත් බොහෝ ක්ෂේත්‍රවල සහ විවිධාකාරයේ systems වල ඉතාමත් සාර්ථක ලෙස මේ chatbots භාවිතා වෙනවා.

ඔබටත් මේ chatbots නිර්මාණය කරන්න පුළුවන්. ඔබේ අරමුණ අනුව මේ සඳහා තෝරාගත හැකි විවිධාකාරයේ technologies සහ tools අද වෙන විට ලෝකයේ ඔබට සොයා ගන්න පුළුවන්. ඉතින් ඔබත් මේ chatbots ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ඒ පිලිබඳව සොයා බලන්නත් අමතක ක‍රන්න එපා.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

මූලාශ්‍රය : www.expertsystem.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here