අනාගත ලෝකයට නැතිවම බැරි Virtual Reality!

1
889
views

Virtual Reality කියන්නේ අනාගත ලෝකයේ තාක්ෂණයේ ගැන කතා කරද්දී අපිට නිතරම වගේ අහන්න ලැබෙන මාතෘකාවක්.  ඇත්තටම මේ virtual reality කියන්නේ මොකද්ද? මේ සුදානම ඒ පිළිබඳව සොයා බලන්නයි.

සරලවම කිව්වොත් virtual reality කියන්නේ computing platform එකක්.  දශක ගණනාවකට කලින් mainframe computers, ඉන් අනතරුව personal computers, තවත් මෑත ඉතිහාසේ ගැන සලකද්දී web computing platform එක…  මේ විදියට විකාශනය වුණු computing platforms වලට අදාළව අද වෙන කොට අපි භාවිතා කරන්නේ mobile computing platform එක. තාක්ෂණයේ දියුණුවත් සමගින් තවත් අවුරුදු කීපයක් ගතවෙද්දී mobile computing platform එකත් outdated වේවි.  මීළඟට ලෝකයේ ප්‍රචලිත වීමට නියමිත computing platform එක විදියට සලකන්නේ මේ virtual reality කියන concept එක.

virtual reality කියන්නේ කෘතීම වටපිටාවක් සැබෑ වටපිටාවක් ලෙසට අපේ මොළයට ඒත්තු ගන්වන්නට පුළුවන් තාක්ෂණයක් කිව්වොත් නිවැරදියි. මේ හරහා එම කෘතීම වටපිටාව තුළ කෙනෙක් සිදු කරන ක්‍රියාකාරකමක්, ඔහු එය ඊට සමාන සැබෑ වටපිටාවක් තුළ සිදු කරන ආකාරයට දනවන්නට තරම් හැකියාවක් තියෙනවා. බොහෝ අවස්ථාවලදී මේ කෘතිම පරිසරය නිර්මාණය කෙරෙනුයේ displays 3ක් හෝ 4ක් භාවිතා කරමිනුයි. ඉතින් මේ displays වලින් නිර්මිත වටපිටාව සැබෑ වටපිටාවක් ලෙස මොළයට සංවේදනය කිරීමට විශේෂ sensors වර්ග සහිත ඉලෙක්ට්‍රොනික devices යොදා ගනු ලබනවා. screen එකක් සහිත විශේෂිත හෙල්මෙට් වර්ග, sensors සහිත විවිධ මෙවලම් මෙලෙස භාවිතා කරන ඉලෙක්ට්‍රොනික devices විදියට හඳුන්වන්න පුලුවන්.

Virtual Reality හා සම්බන්ධ ඉතිහාසය…

මේ තාක්ෂණය හා සම්බන්ධ ඉතිහාසය ගැන සළකා බැලුවහොත් මෙහි මුලාරම්භය ලෙස සැලකෙන්නේ 1950 දී මොටන් හෙලිග් නිර්මාණය කළ sensorama නම් උපාංගය. මෙමගින් 3D ආකාරයට රුපවාහිනී නැරඹීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා.  ඉන් අනතුරුව  නිර්මාණය වුණු headsight නම් උපකරණයත් තවත් අවුරුදු ගණනාවකට පසුව ලෝකයා හමුවට පැමිණි ultimate displays වලත් ප්‍රතිඵලයක් විදියට තමා තවත් කාලයක් ගත වීමෙන් පසුව මේ virtual reality හා සම්බන්ධ පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ.

මුලික වශයෙන් virtual reality වර්ග දෙකක් හඳුනගන්න පුළුවන්.

  1. Immersive Virtual Reality
  2. Non Immersive Virtual reality

Immersive Virtual Reality

මෙහිදී පුද්ගලයින්ට නිර්මිත වටපිටාව සමග සැබවින්ම ගනුදෙනු කරන ආකාරයට ක්‍රියා කිරීමේ අවස්ථාව ලැබෙනවා. එම වටපිටාව හා ගැටෙන පුද්ගලයින්ට තමන් සැබවින්ම එම වටපිටාවේ කොටස්කරුවෙක් ලෙස හැඟෙන අතරම කෘතීම වටපිටාව තුළ ඇවිදීමට, එම වටපිටාව තුළ එකිනෙකා හා කතාබහ කිරීමට මෙන්ම නොයෙකුත් ක්‍රියාකාරකම්හි නිරත වීමට පවා අවස්ථාව ලැබෙනවා.

Non Immersive Virtual reality

මෙහිදී පුද්ගලයින්ට නිර්මිත වටපිටාව සමග ගණුදෙනු කිරීමට හැකියාව ලැබෙනුයේ mouse එක, keyboard එක,  joystick එක, trackball එක නැත්නම් dataglove හෝ spaceball  වැනි උපකරණ හරහායි. මෙහිදී එම පුද්ගලයාට සැබවින්ම එම වටපිටාව හා ගැටෙන්නට හැකියාව නොලැබුනත් screen එකක් හරහා සැබෑ වටපිටවකට බොහෝ සෙයින් සමාන වටපිටාවක් දකින්නට අවස්ථාව ලැබෙනවා.

නූතන ලෝකයේ virtual reality වල භාවිතය

අද වෙනකොට virtual reality කියල කියන්නේ ක්ෂේත්‍ර ගණනාවකවම මහා පරිමාණයෙන් කෙරෙන විවිධ පර්යේෂණ කටයුතු වලදී වගේම එදිනෙදා වැඩ කටයුතු සඳහාත් යොදා ගනු ලබන තාක්‍ෂණයක්. රථවාහන, යන්ත්‍ර සුත්‍ර නිපදවීම ආශ්‍රිතව මේ තාක්ෂණය බොහෝ විට යොදා ගනු ලැබෙනවා.   එම නිපැයුම් නියමාකාරයෙන් ක්‍රියා කරනවාද යන්න සොයා බැලීමට වගේම ඒවා සැබෑවටම නිර්මාණය කිරීමෙන් තොරව ඒවායේ පවතින අඩුපාඩු ගැටලු සොයා ගැනීමටත් මේ තාක්ෂණය උපකාරී වෙනවා. ඒ වගේම තමයි යුද කටයුතු සඳහා නිළදාරින් පුහුණු කිරීමට සහ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කටයුතු සඳහාත් virtual reality උපයෝගී කරගන්නවා.  මේ තාක්ෂණය යොදා ගනිමින් සැත්කම් පිලිබඳ නියමාකාර අවබෝධයක් ලබා දෙන්නටත් සිසුන්හට සිරුරේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිලිබඳ, විවිධ යන්ත්‍ර සුත්‍ර සහ ක්‍රියාවලි පිලිබඳ  අවබෝධයක් ලබා දෙන්නටත් හැකියාව ලැබෙනවා.

වාහන නිෂ්පාදන ආයතනයකට අදාළව virtual reality  technology එක භාවිතා වෙන ආකාරය පහත videoව මගින් පැහැදිලි කෙරෙනවා. ඒ හරහා මේ concept එක භාවිතා වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබට වැඩිදුර අවබෝධයක් ලබාගන්නට හැකි වේවි.

මේ අනුව අපට පැහැදිලි වෙන්නේ virtual reality කියන concept එක අද වනවිටත් ලෝකයේ විශාල වශයෙන් භාවිතා වන බවයි. මේ තාක්ෂණය හා සම්බන්ධ මුලික වියදම ඉතාමත් ඉහළ වන නිසාවෙන් තවමත් මෙය සුලබවම භාවිතා වෙන්නේ තාක්ෂණය අතින් ඉතාමත් දියණු තත්වයක් සහිත එවැනි වියදමක් දැරිය හැකි රටවල පමණයි. නමුත් දැනට ලෝකයේ පවතින මතය නම් තවත් දශකයක් ගතවන්නට පෙර නිසැකවම virtual reality නැතිවම බැරි තාක්ෂණයක් වන බවයි .

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here