Human Computer Interaction සිංහලෙන් | Part 3

0
299
views

Design එකක් නිර්මාණය කරන තරමටම ඒක නිවැරදි ආකාරයට evaluate කරනවා කියන එකත් බොහොම වැදගත්.ඉතින් මේ විදියට evaluate කරදදී අපි කොයිතරම් දුරකට success ද කියන measurement එක හරිම විශයානුබද්ධ කාරනාවක්.success එක කියන දේ 10ද,9ද වගේ numbers වලින් කියන්න පුලුවන් දෙයක් නොවෙයි.ඒක තීරණය කල යුතු වන්නේ ඒ අදාල දේ use කරන මිනිසුන් විසින්මයි.ඇත්තම users ල විසින් ඒ දේ සිදු නොකරන තාක් නිරවද්‍ය evaluation එකක් සිදු කිරීම අපහසු කාරණාවක්.  

Interface එකක් ඔබ විසින් නිර්මාණය කිරීමේදී ඔබ විසින් දැනගෙන සිටිය යුතු කාරණා සහ නොදන්නා කාරණා දැනගන්න අකාරය දන සිටීම ඉතාම වැදගත් දෙයක්.ඉතින් අපි මේ තුලින් කතා  කරන්නේ අන්න ඒ දේවල් දැනගන්න ආකාරය.ඇත්තටම ඒ සදහා විවිධ methods තියෙනවා විවිධ goals අරමුණු කරගෙන.අපි ඒවා පිළිබද ඉදිරියේදී ඉතා සවිස්තරාත්මකව කතා කලත් දැන් මේ සුදානම් වෙන්නේ සංක්ෂිප්තව ඒ කිහිපයක් ගැන කතා කරන්න.

1.Usability studies

බොහෝ දෙනෙක් අහල තියෙන topic එකක් උනත් නිසි අවබෝධයක් නැතිනම් මේ අවස්ථාව ඔබට ඉතාමත් සරල විදියට මේක  ගැන දැනගන්න.Usability Studies කියල කියන්නේ යම්කිසි software එකක් users ලගේ view එකෙන් ඒක use කරන්න කොයිතරම් පහසුද කියල check කරන nonfunctional testing technique එකක්.මෙතැනදී ඇත්තටම සිදුවෙන්නේ යම්කිසි ස්ථානයකට actual users ල ගෙන්නලා ඒ අයට කිසිම පුර්ව දැනුම කින් තොරව අදාල software එක use කරන්න දීල ඔවුන් අපහසුතාවයට පත්වන ඒවගේම ඔවුන්ගේ හැසිරීම් ස්වභාවය අනුව අධ්‍යනයක් සිදුකිරීමත් ඊට අනුකුලව අදාල වෙනස් කිරීම් සිදුකිරීමත්.

2.Surveys and Focus Groups

Surveys කියන වචනය නම් ගොඩ දෙනෙක් හොදට පුරුදු වචනයක්.එත් කොහොමද evaluate technique එකක් විදියට මේක වැදගත් වෙන්නේ කියලා අපි දැන් බලමු.users ලගේ හැසිරීම් රටාව එකිනෙකට වෙනස් කියන එක අපි බෙහෝ දෙනෙක් දන්නා කාරණාවක්.ඉතින් මේ අතුරින් බහුතරය බලාපොරොත්තු වෙන් දේ දැනගන්න පුළුවන් හොදම විදිය තමයි survey කියන එක.ඒ වගේම focus groups ගැන කියනවනම් උදාහරණයක් විදියට හිතන්න යම්කිසි app එකක් නිර්මාණය කරනවා දුම්රිය මගින් වෙනුවෙන්.අන්න එහෙම අවස්ථාවකදී ඔවුන්ගේ focus group එක වෙන්නේ දුම්රිය මගින්.ඉතින් ඔවුන් ඒ app එක evaluate කල යුතු වන්නේ දුම්රිය මගින්ට සාපේක්ෂව විනා ඕනෑම මගියෙකුට සාපේක්ෂව නොවෙයි.

3.Feedback from experts

Feedback from experts කියලා කිව්වම ඉන් ගම්‍ය වෙන අර්ථය වගේම ඉන් කියවෙන්නේ ඒ අදාල ක්ෂේතයේ සිටින experts ලාගෙන් ගන්නා තොරතුරු මත evaluate කිරීම.ඉතින් මේක වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා.

*peer critique

*dogfooding

*heuristic evaluation

4.Comparative Experiments

මේ තුලින් කෙරෙන්නේ සංසන්දනාත්මකව වඩා යෝග්‍ය කුමක්ද කියන එක තෝරාගැනීම.ඇත්තටම අපිට මේ තුලින් වඩා ගැලපෙන දේ නිරවද්‍ය ලෙස තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

5.Participant Observation

මේ පිලිබද ඉතා සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කලත් මින් කියවෙන දල අදහස් නම් සාමන්‍යයෙන් online සිදුකරන evaluation එකක් තුලදී දැක ගන්නට නොලැබෙන realistic feedback එකක් මේ තුලින් දැකගන්නට පුලුවන් මොකද මෙහිදී යම්කිසි physical location එකක මෙම evaluation එක සිදු වෙන නිසා.

ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති යම්කිසි design එකක් evaluate කිරීමේදී භාවිත කල හැකි methods,techniques රාශියක් තිබෙනවා.ඒ අතුරින් ඒ ඒ අවස්ථාව ට ගැලපෙන එක තෝරා ගැනීම තුලින් වඩා human friendly design එකක් නිර්මාණය කරන්න පුලුවන්.ඉතින් මෙහෙම නිවැරදි method එක තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුනු කිහිපයක් තමයි මේ.

*Reliability / Precision

*Generalizability

*Realism

*Comparison

*Work Involved

Evaluation Techniques ගැන article එක ඒ විදියට අවසන් වෙදිදී අපි ආයෙමත් හමුවෙමු අපේ ඊලග කොටසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here