වඩා ඵලදායි design එකක් නිර්මාණය කරන්න නම් මේ prototyping කියන concept එක නැතුවම බැහැ.ඉතින් මොකක්ද මේ prototyping කියන්නේ කියන එක සහ මේ තුලින් අපට අත් වන ප්‍රයෝජනය මොකක්ද කියන එක අපි දැන් බලමු.
සෑම විටම යම්කිසි නිර්මාණයක් සිදුවෙන්නේ ඒ නිර්මාණය අවශ්‍ය කරන යම්කිසි පාරිභෝගිකයින් පිරිසක් ඉලක්ක කරගෙන.ඉතින් මේ විදියට නිමැවෙන නිර්මාණ සහමුලින්ම හදලා අවසන් වනතුරු මේක භාවිත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න users ලා අතරට නොයනව නම් ඒක ඒ අදාල ව්‍යාපෘතිය ගන්න ලොකු risk එකක්.මොකද ඉතා විශාල පිරිවැයක්,ශ්රමයක දරලා කරන මේ නිර්මාණය මිනිසුන් අතරට ගියාම ඔවුන් බලාපොරොත්තු වෙන මට්ටමෙන් ප්‍රතිලාභය ක් අත් කර ගන්නට නොහැකි වුනොත් ඒක සෑහෙන්න පාඩුවක්.අන්න ඒ නිසාම යම්කිසි නිර්මාණය සහමුලින් ම නිර්මාණය කරලා අවසන් වෙන්නට පෙර එහි බාහිර පෙනුම සහ අදාල features මොනවද කියන එක(prototype එක) තොරා ගත් users ලා පිරිසකට හෝ පෙන්නලා ඔවුන්ගෙන් feedback ලබා ගන්නට පුලුවන් නම් අර ගන්න risk එක සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්නට පුලුවන්.මේ තුලින් අවශ්‍ය කරන වෙනස්වීම් සහ එකතු විය යුතු දේවල් ඉතා හොදින් අවබෝධ කරගන්නටත් හැකියාව ලැබෙනවා.
මේක තවත් හොදින් අවබෝධ කරගන්න අපි ඉතා සරල උදාහරණයක් සලකා බලමු.
ඔබ අප අතර අද බහුලව භාවිත කරන ඩිජිටල් කැමරාව ඒදා ප්‍රථම වතාවට නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට.

නමුත් ඔබ දන්නවාද මෙම නිර්මාණය මේ විදියට නිර්මාණය වෙන්න කලින් ඔවුන් විසින් නිර්මාණය කල prototype එකකුත් පැවතුනු බව.
බැලූ බැල්මට මේ දෙක තුල ලොකු සමාන කමක් නොතිබුනත් මේ අවසන් නිර්මාණය සිදුකරන්න මේ prototype එක තුලින් ලබා ගත්තු feedback බෝහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.ප්‍රථම වතාවට ඩිජිටල් කැමරාවක් නිර්මාණය කරද්දි එහි screen එක ,buttons place කරන තැන් ඔවුන්ට තීරනය කරන්න මේ prototype එක සෑහෙන්න පිටුවහලක් වෙලා තියෙනවා.ඒ වගේම සදහන් කරන්න ඕන වැදගත් කාරනයක් තමයි මේ prototype එක තුල lenses වගේ back end එකට අදාල කොටස් කිසිවක් නැහැ.සරලවම මේක තුලින් පරික්ශාවට ලක් වෙන්නේ බාහිර පෙනුම.
මේ කරුණු එක්ක සලකා බලලා Prototyping කියන එකට අර්ථකථනයක් ලබා දෙනවා නම් සරලවම මේකෙන් කරන්නේ designer ට,developer ට predict කරන්න අපහසු දේවල් සමග ඉතා හොදින් deal කරන්න හැකියාව ලබා දෙන strategy එකක් වීම.
ඕනෑම design එකක evolution එක ගත්තාම කාලයත් එක්ක එහි පරාසය මෙන්න මේ විදියට වෙනස් වෙනවා.
Design Complexity with Time
ආරම්භයේ දී අපිට තියෙනවා බොහොමයක් දේවල් තීරණය කරන්න.ඔබ යම්කිසි system එකක් නිර්මාණය කරනවනම් ඒක mobile වෙනුවෙන් ද desktop ද ආදි වශයෙන් තරමක් සංකීර්ණ දේවල් මුල් කාලයේදි සිතන්නට අවශ්‍යයි.නමුත් අවසාන් කාලයෙදී ඔබට design එක සම්බන්ධයෙන් ඉතුරු වෙන්නේ බොහොම සරල කාරණා.හරියට colors,fonts ,font size එක වගේ.
Prototype එකක rights 3ක් තියෙනවා
1.prototype එක සර්ව සම්පුර්ණ එකක් වීම අත්‍යාවශ්‍ය නැහැ.
2.වෙනස් කම් කිරීම පහසුවෙන් සිදුකල හැකි විය යුතුයි.
3.අවසන් implementation එකෙන් අනතුරුව prototype එකෙන් ප්‍රයෝජනයක් නොමැති බව අවබෝධයෙන් එය නිර්මාණය කල යුතුයි.
සරලවම;
Prototype is a
Feel : What might it look like
Implementation : What might it work like
Role : What might the experience be like
Prototyping ගැන article එක මේ විදියට අවසන් වෙද්දී අපි අයෙමත් හමුවෙමු අපේ මීලග HCI මොදුලේ module part එකෙන් ලගදීම.
Thank you!