Human Computer Interaction සිංහලෙන් | Part 01

0
133
views

UI/UX Design field එකේ ඉදිරියට යන්න එහෙමත් නැත්නම්  ඒ ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න ඉන්න කෙනෙක්නම් HCI (Human Computer Interaction) කියන්නේ ඔබ හැදෑරිය  යුතුම මාතෘකාවක්.අන්න ඒ නිසා මම හිතුවා මේ පිලිබඳ ලිපි මාලාවක් ඔබට ලියන්න

පරිගණකයත් එක්ක වැඩ කරන්න අප විසින් විවිධ පද්ධතීන් නිර්මාණය කරනවා.මේ system භාවිත කරන්නේ විවිධාකර user ලා විසින්.ඉතින් ඔවුන් එක්ක ගනුදෙනු කරන්න interface එකක් අවශ්‍ය වෙනවා.මේ interface එක හරහා තමයි system එක use කරන users ලට අවශ්‍ය දේවල් represent කරන්නේ.මේ user interface එක නිවැරදි ආකාරයටම නිර්මාණය කරනව කියන එක ලේසි පහසු කාර්යක් නම් නොවෙයි.අන්න ඒ නිර්මාණශීලි ඒ වගේම බැරෑරුම් කාර්ය සඳහා Human computer Interaction ගැන ඔබ දැනගෙන සිටීම ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි  

HCI (Human Computer Interaction) කියන්නේ සරලව කිව්වොතින් user interface වල design , implementation සහ evaluation කියන  කාර්යයන්ගෙන් එකතුවක්

ඉතා හොද User Interface Design එකකට පුළුවන් user කෙනෙක් තෘප්තිමත් වෙන සේවයක් ලබා දෙන්න සහ ඔවුන් සතුටු කරන්නත්.ඒවගේම තමයි user interface එක අසාර්ථක වෙනවා කියන්නේ ඒක බරපතල ලෙස එහි cost එකටත් users ලටත් ඔවුන්ගේ මුදල් වලටත් බලපානවා.සරලවම කිව්වොත් system එක කොයිතරම් සංකීර්ණ ක්‍රියාවලියක් පහසුවෙන් කරත් ඉන් ඵළක් වන්නේ නැහැ user interface එක අසාර්ථක නම්.අන්න ඒ නිසාම HCI කියන module එක ඔයාට බොහොම ප්‍රයෝජනවත් වේවි සාර්ථක ලෙස වගේම පිළිගත් ක්‍රමෝපායන්ට අනුව user interface වගේ දේවල් නිර්මාණය කිරීමට.

මුලිකව මේ module එක තුලින් කථා කෙරෙන දේවල් සරල කරලා පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1.මිනිසුන්ගේ අවශ්‍යතා,goals සහ ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දේ පැහැදිලිව අවබෝධ කරගැනීම.

2.Design process එක පුරාවට users ල සමග කටයුතු කරන ආකාරය.

3.user වෙනුවෙන් design එකක් කිරීමේදී සැලකිය යුතු සියුම් කරුණු කාරණා සහ ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය.

4.Users ලගේ අවශ්‍යතාව සහ ඔවුන් බලාපොරොත්තු වන කෝණයෙන් අවශ්‍ය කරන තීරණ ගැනීම.

ඉතිං මේ එක්‌ එක් කාර්යයන් සාර්ථකව සිදු කරන්න භාවිත කරන tools, processes වගේ දේවල් බොහොමයක් තියනවා.ඒ හැමදෙයක් පිලිබදවම අපි මේ module එක පුරාවට ඉදිරියට එන article වලින් කතා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here