UX Field එක ගැන interest අය වෙනුවෙන් | Part 3

0
387
views

UX Designer කෙනෙක් වෙන්න අවශ්‍ය කරන skills ඔයා ලග තියනවද කියලා දැනගන්න වගේම ඔයාට නැති skills develop කරගන්නත් මේ article එක ඔයාට බොහෝ වැදගත් වේවි.ඉතින් මේ තුලින් අපි කතා කරන්නේ ඔයා ලග තියෙන්න ඕන skills වර්ග දෙකක් ගැන.

1.Technical Skills
2.Soft Skills

Technical skills
මේ ගැන කතා කරද්දී කෙනෙක්ට හිතෙන්න පුලුවන් UX සම්බන්ධයෙන් ඔයාට තියෙන්න ඕන technical knowledge එක ගැනයි මේ කියන්නේ කියලා.නමුත් ඒක වැරදියි.ඇත්තටම මේ කියන්නේ දැනුම ගැන නොවෙයි.සමීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාව,තර්කානුකූලව සිතීමට ඇති හැකියාව,visual designing,wire framing and prototyping සහ testing යන මේ දේවල් කිරීමට තියෙන හැකියාව වගෙ දේවල් තමයි technical skills කියන කොටසට අයත් වෙන්නේ.

Soft skills
ඇත්තටම මේ soft skills කියන දේ නම් අද වෙනකොට ඕනෑම තැනක ඕනෑම රැකියාවක් සදහා සුදුසුකම් ලැබීමට අඩු හෝ වැඩි වශයෙන් ඔබ තුල තිබීම අත්‍යාවශ්‍යයි.ඒ දේවල් අතුරින් කිහිපයක් තමයි යහපත් ආකල්ප,passion එක,අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන කුතුහලය,සන්නිවේදන හැකියාව,සංවේදනය,එකමුතු බව,self learning , හදිසි අවස්තා වලදී ඉක්මන් තීරණ ගැනීමට ඇති හැකියාව සහ විවේචනය කිරීමටත් විවේචනය වීමටත් ඇති හැකියාව.

Image result for technical and soft skills

Skills Set එක මේ විදියට දක්වද්දී ඔයාට මේ filed එකට යන්න තිබිය යුතු දැනුම කොයි වගේද කියලා දැන් ඔබට හිතෙනවා ඇති.ඉතින් අන්න ඒ නිසා මේ පහතින් දක්වලා තියෙන්නේ UX designer කෙනෙක් විදියට ඔයාට කරන්න තියෙන කටයුතු සහ ඒ දේවල් කරන්න බහුලව භාවිත කරන Tools and technologies.

Rapid sketching -> Pen and paper

Wireframing    -> Moqups, Balsamiq

Visual design      -> Sketch, Photoshop, Illustrator

Prototyping        -> InvRapid sision, Marvel

Interactions   -> Adobe XD, Principle

Design handoff -> Zeplin

Version control -> Abstract

Analytics   -> Google analytics, Firebase        

Knowledge and skills ගැන article එක මේ විදියට ඉවර වෙද්දී අපි ඊලගට අපේ අවසාන article එකෙන් කතා කරමු career path එක සහ job opportunities ගැන.

Link to part 4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here