UX Field එක ගැන interest අය වෙනුවෙන් | Part 2

0
267
views

කලින්  article එකේ කිව්වා වගේ  අපි මුලින්ම කතාකරමු UX designer කෙනෙක්ගේ job role  එක ගැන.ඇත්තටම මේ field එකට interest එකක් තියෙන, තමන් තුල මේකට හැකියාවක් තියෙනවා කියලා දැනෙන නමුත් වැඩි අවබෝධයක් ඒ පිළිබඳව නැති බොහෝ දෙනෙක්ට මේ article එක ප්‍රොයෝජනවත් වේවි

Job Role එක ගැන කතා කරද්දී ප්‍රධාන කාරණා කිහිපයක්ම තියෙනවා

ඉතින්  මේ අතුරින් පළමුවන කාරණය තමයි , මේ අයට තියෙන්න ඕනේ තමන්  සේවය කරන ව්‍යාපාරය හෝ ව්‍යාපෘතියේ main goal එක පිලිබදව හොද අවබෝධයක් සහ එම දේ තුලින් ඉලක්ක කරන user base එකේ හැසිරීම පිලිබදවත් හොද අවබෝධයක්.පුංචි උදාහරණයකින් පැහැදිලි කරනවනම් ඔබට ළමුන් වෙනුවෙන් යම්කිසි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පැවරුනොත් ඔබ කොයිතරම් වැඩිහිටි වුනත්,දැනුමෙන් පරිපූර්ණ වුනත් ඵලක් නැහැ ඔබට ඔබගේ website එක use කරන user base එක වන ළමුන්ගේ හැසිරීම් රටාව පිලිබද හරි අවබෝධයක් නැතිනම්.

මීලග කාරණය තමයි user journey නිර්මාණය කරන එක.user journey කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් website එකක් හෝ application එකක් use කරද්දී ඒ session එක පුරාවට එයාට ලැබෙන අත්දැකීම.මේක activities දාමයක එකතුවක්.

Image result for user journey
User Journey Map

තව මේ අයට පැවරෙන රාජකාරියක් තමයි information architecture එක නිර්මාණය කරන එක.සරලවම කිව්වොත් IA එකෙන් කරන්නේ user කෙනෙක්ට ඒ අදාළ system එකේ navigation එක පහසු කරන එක.

සම්පූර්ණයෙන්ම product එකේ functionality එක විය යුතු ආකාරය plan කරන්නෙත් මේ අය.උදාහරණයක් විදියන button එකක් press කලාම ඊලග view එක display වෙන ආකාරය වගේ සරල දේවල් වල සිට බොහෝ සංකීර්ණ දේවල් දක්වාම මේක විහිදෙනවා.

මීට අමතරව problem solving, user research ,user testing ,analysis වගේ දේවල් කිහිපයකුත් මේ job role එකට අයිතියි.

අවසාන වශයෙන් ඔයා තුල හොද සන්නිවේදන හැකියාවක් තිබීම,විචාරශීලි වීම සහ අද ලෝකය තුල බොහෝ සෙයින් භාවිත වන agile methodology එක ගැන ඔබ තුල තියෙන අවබෝධය මේ job role එක තුල ඉදිරියටම යන්න ඔබට මනා අත්වැලක් වේවි.

UX Designer කෙනෙක් ගේ job role එක ගැන article එක මේ විදියට අවසන් වෙද්දී මේ සදහා අවශ්‍ය කරන education and skills ගැන අපි කතා කරමු අපේ මීලග article එකෙන්.

Link to part 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here