Google IO Rewind-2018 at Rajarata University of Sri Lanka

0
377
views

ලෝකයේ වැදගත්ම තාක්ෂණික event එක වන Google IO Extended වැඩසටහන , Dialog Ideamart  team සහ GDG(Google Developer Group) Sri Lanka එකතුවෙලා තමයි ලංකාවේ පවත්වන්නේ. 2016 මුල් වරට ලංකාවේ පවත්වන ලද මෙම වැඩසටහන නොකඩවා වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන අතර, ඒ පිළිබඳ මේ වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්.

රජරට සරසවි ඉතිහාසයේ ප්‍රථම වරට Google IO Rewind-2018 වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් පවත්වන්නට ලැබීම මහත් සතුටට කරුණක්. GDG Sri Lanka හා Association of Rajarata Information and Communication Technology(ARICT) අනුග්‍රහය මැද්දේ 2018 ජුනි 16 වන දින පැවති මෙම event එක සඳහා යාපනය, වව්නියා හා රජරට සරසවි සිසුන් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීම විශේෂත්වයක්. මීට සමගාමීව GDG Sri Lanka සහ ARICT අනුග්‍රහයෙන් WTM event එකක්ද එහිදී පැවතුණා.

Raveen Harith, Keshan Sodimana සහ Pamuditha Imalka යන දේශකවරුන් ඇතුළු දේශක මඩුල්ලකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම event එක මගින් Google releases, Machine learning ඇතුළු තාක්ෂණික තොරතුරු රැසක් සහභගී වූවන්ට ලබාගැනීමට හැකිවුණා. උදෑසන 9ට පමණ ආරම්භ වී සවස 3 පමණ වනතෙක් පැවති මෙම වැඩසටහන ආරම්භයේදී සහභගී වූවන්ට කුඩා මතක සටහනක් ලෙස Stickers ලබා දෙන්නත්, අවසානයේදී දේශකවරුනට  සමරුපලක ලබාදීමටත් ARICT අමතක කලේ නැහැ.

බොහොමයක් වැඩසටහන් කොළඹ අවට පවතින අතරතුර,  මෙවැනි වටිනා වැඩසටහනක්  Association of Rajarata Information and Communication Technology(ARICT) මුලිකත්වයෙන් රජරට සාර්ථක අන්දමින් පැවැත්වීම, ඔවුන් ලද ජයග්‍රහණයක් වගේම අගය කළයුතු කරුණක්. ARICT මගින් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් තවත් දියුණු මට්ටමින් පවත්වනු ලැබීම, අප සැමගේ බලාපොරොත්තුවක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here