පරිඝනක විද්‍යාවට අදාළව නොබෙල් ත්‍යාගය දිනාගත් AI තාක්ෂණයේ පුරෝගාමියෝ…

0
459
views

යම්කිසි ක්ෂේත්‍රයකින් මුළු මහත් ලෝකයටම අග්‍රගන්‍ය සේවාවක් සලසන පුද්ගලයින් ඇගයීමට සම්මාන කීපයක්ම තියෙනවා. ඒ අතරින්, නොබෙල් ත්‍යාගයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. පරිගණක ක්ෂේත්‍රයට අදාලව පිරිනැමෙන මේ නොබෙල් ත්‍යාගය හඳුන්වන්නේ Turin Award කියන නමින්. පසුගිය අවුරුද්දට, ඒ කියන්නේ 2018 වසරට අදාලව මේ Turin සම්මානය හිමිවන්නේ කාටද කියලා පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා. එහි ජයග්‍රාහකයින් බවට තේරී පත් වී තිබුණේ AI තාක්ෂණයේ පුරෝගාමීන් විදියට කවුරුත් හඳුන්වන Yoshua Bengio, Geoffrey Hinton, සහ Yann LeCun කියන තිදෙනා. ඉතින් අද මේ සුදානම ඒ පුද්ගල ත්‍රිත්වය ගැන තොරතුරු ඔබත් සමග බෙදා හදා ගන්නයි.

Yoshua Bengio

උපතින් ප්‍රංශ ජාතිකයෙක් වෙන මොහු 2003 වර්ෂයේ සිට Montréal විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙසට සේවය කරනවා. මොහුගේ සේවාව deep learning, neural machine translation, generative adversarial networks, word embeddings, denoising auto-encoders සහ neural language models ආදී වූ විෂය පථයන් රැසක් ඔස්සේ විහිදෙනවා. නමුත් මේ හැම විෂය පථයකම මූලික විෂය ක්ෂේත්‍රය තමයි AI තාක්ෂණය. ඉතින් මොහුගේ සේවාව ගැන තොරතුරු සොයද්දී පැහැදිලි වෙනවා AI තාක්ෂණයේ දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඔහු ඉටු කරලා තියන බව. අචාර්ය Yoshua Bengio, මේ වන විට Microsoft සමාගම සහ IBM සමාගම හා එක්ව තවත් පර්යේෂණ කටයුතු කීපයක්ම කරගෙන යන බව තමයි වාර්තා වෙන්නේ.

Geoffrey Hinton

ඔහු machine learning algorithms විශාල ප්‍රමාණයක නිර්මාතෘවරයෙක්. සංකීර්ණ දත්ත ගොණු ආශ්‍රිත සංකීර්ණ දත්ත ආකෘතින් අනාවරණය කරගත හැකි learning procedures සොයා ගැනීම සඳහා ඔහු විශාල වශයෙන් වෙහෙසෙ වන්නෙක්. මේ හරහා අපේ මොළයේ යම්කිසි ක්‍රියාකරිත්වයකුත් පැහැදිලි කිරීමට ඔහු උත්සාහ කරනවා. මුලින්ම back-propagation algorithm එක ලොවට හඳුන්වා දුන් පර්යේෂකයෙක් විදියටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. ආචාර්ය Geoffrey Hinton දැනට Google සමාගමට අනුබද්ධව සේවය කරනවා.

Yann LeCun

Convolutional neural networks (CNN) භාවිතයෙන් Optical character recognition සහ computer vision වලට අදාලව පර්යේෂණ කටයුතු වල නියැළෙන පුද්ගලයෙක් විදියට ආචාර්ය Yann LeCun හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ඔහු DjVu image compression තාක්ෂණයේ නිර්මාතෘවරයා. Lush programming language එක ගොඩනගන්නත් ඔහු විශාල කාර්ය භාරයක් සිදු කරලා තියෙනවා. ආචාර්ය Yann LeCun මේ වනවිට Facebook සමාගමේ ප්‍රධාන AI Scientist.

ඉතින් මේ පුද්ගල ත්‍රිත්වයම තනි තනිව වගේම කණ්ඩායමක් වශයෙනුත් AI තාක්ෂණයේ දියුණුව සඳහා විශාල වශයෙන් කටයුතු කරලා තියෙනවා. මේ හේතුව නිසාවෙන්ම AI තාක්ෂණයේ පුරෝගාමියෝ විදියට ඔවුන්ව හඳුන්වනු ලබනවා. මේ තිදෙනාගේම සුවිශේෂිත්වයක් වෙන්නේ AI තාක්ෂණයට අදාළ අනු කොටසක් වෙන deep learning වලට අදාලව තම පර්යේෂණ සහ සොයාගැනීම් කිරීම. දැනට ලෝකයේ වටිනාම සොයාගැනීම්, එහෙමත් නැත්නම් තාක්ෂණයන් විදියට සලකන computer vision, speech recognition, natural language processing, සහ robotics කියන මේ හැම දේටම මූලික වෙලා තියෙන්නේ ඔවුන්ගේ මේ සොයාගැනීම්.

අද මේ ලිපියෙන් කියවුණේ Yoshua Bengio, Geoffrey Hinton, සහ Yann LeCun කියන පුද්ගලයින් තුන් දෙනා ගැන පොඩි විස්තරයක් විතරයි. ඔවුන් ලෝකයේ දියුණුව වෙනුවෙන් සිදු කරලා තියෙන සේවාව ඉතාමත් විශාලයි. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ සම්මාන රාශියකිනුත් පිදුම ලබලා තියෙනවා. ඉතින් Yoshua Bengio, Geoffrey Hinton, සහ Yann LeCun කියන මේ තුන් දෙනා ගැන තවත් විස්තර දැනගන්න කැමතිනම් ඒ අය ගැන තවත් තොරතුරු හොයලා බලන්නත් අමතක කරන්න එපා.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here