තම 15 වන සංවත්සරය වෙනුවෙන් Gmail වෙතින් ගෙන එන අලුත්ම updates ගැනයි මේ…

0
200
views

Gmail කියන්නේ අද වෙන කොට ලෝකයේ පවතින ප්‍රචලිතම Email සේවාව විදියට හඳුන්වන්න පුළුවන්. වාර්තා වලට අනුව මාසිකව බිලියන 1 කටත් වඩා active usersලා ප්‍රමාණයක් Gmail සේවාව සතුයි. Google සමාගම වෙතින් ගෙන එන මේ Gmail විද්‍යුත් තැපැල් සේවාව, පසුගිය දා, හරියටම කියනවානම් 2019 අප්‍රියේල් 1 වෙනිදා තමන්ගේ 15 වෙනි උපන්දිනය සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් updates කීපයක්ම තමන්ගේ Gmail පාරිභෝගිකයින් වෙත ගෙන එන්න Google සමාගම අමතක කළේ නැහැ. ඉතින් අද මේ සූදානම ඒ updates ගැන තොරතුරු ඔබ සියලු දෙනා සමගින් බෙදා හදා ගන්නයි.

15 වෙනි සංවත්සරය වෙනුවෙන් Gmail සේවාව ගෙන ආ updates අතරින් ප්‍රධානම updates දෙක විදියට Email Scheduling සහ Smart Composing හඳුන්වන්න පුලුවන්.

  • Email Scheduling : මේ feature එක හරහා යම්කිසි email එකක් send විය යුතු නිශ්චිත දිනයක් සහ වෙලාවක් set කිරීමේ හැකියාව, එහෙමත් නැත්නම් email එකක් send විය යුතු වෙලාව schedule කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදියට email එකක් schedule කිරීම හරිම පහසුයි. ඔබ දැන් gmail හරහා email එකක් compose කරනවානම් ඔබට දකින්නට ලැබෙයි send option එකත් සමගින් drop down menu එකක්. ඒ හරහා තමයි මේ scheduling ක්‍රියාදාමය වෙන්නේ. විශේෂත්වය තමයි ඒ අදාළ වෙලාවට ඒ email එක send විම සඳහා gmail app එක active වෙලා තිබිය යුතු නැහැ. මොකද මෙය සිදු වෙන්නේ back-end service එකක් විදියට. මේතාක් කාලයක් මේ විදියට email එකක් schedule කරලා send කරන්න නම් third party service එකක සේවාව ලබාගන්න usersලාට සිදුවුණා. නමුත් දැන් email scheduling feature එක gmailහි අන්තර්ගත නිසා, කිසිම third party service එකක භාවිතයක් නැතිවම emails schedule කිරීමේ හැකියාව gmail usersලාට ලැබෙනවා.
  • Smart Composing : යම්කිසි mail එකක් auto complete කිරීම සඳහා උපකාරී වෙන feature එකක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්. Mail එකේ අන්තර්ගතය අනුව subject line එකක් suggest කිරීම වගේම, user කෙනෙක් සාමාන්‍යයෙන් භාවිතා කරන ආමන්ත්‍රණයන් හඳුනාගෙන ඒ අනුව ආමන්ත්‍රණයන් යොදන්නටත් මේ feature එකට හැකියාව තියෙනවා. මේ Smart Composing feature එක ඉංග්‍රීසි භාෂාවට විතරක් නෙවෙයි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ඉතාලි සහ පෘතුගීසි යන භාෂවන්ටත් ක්‍රියා කරන බවයි වාර්තා වෙන්නේ.

මේ විස්තර කියවන කෙනෙක්ට සමහර විට හිතෙන්න පුලුවන් Gmail හඳුන්වලා දුන්න මේ features හරිම සරලයි කියලා. නමුත් සරල ලෙස පෙනුණත්, usersලාට ඉතාමත් උපයෝගී වෙන මේ ආකාරයේ features ගණනාවක්ම ලෝකයා හමුවට ගෙන ආ නිසාවෙන්ම තමයි Gmail සේවාවට අවුරුදු 15ක් ගත වූ පසුවත්, ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන්නේ. Gmail තවමත් තරුණයි! තව ඉදිරියටත් Gmail සේවාව අලුත් අලුත් දේ බොහෝමයක් සමගින් අපි ඉදිරියට පැමිණේවි. ඉතින් Gmail තම 15 වෙනි උපන්දිනය සමරන මේ මොහොතේ, තවත් බොහෝ දුර ගමනක් යන්නට Gmail වෙත සුභ පැතුම් එක් කරමු !

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here